බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් පදිංචිව සිටි නිවසකට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඇය සන්තකව තිබූ දියමන්ති ඇල්ලූ කරාබු ජෝඩුවක් , දියමන්ති පෙන්ඩනය සහ රුපියල් 3400ක මුදලක් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.මෙම කාන්තාව වසර 15ක කාලයක් මෙරට පදිංචිව සිටින අයෙක් බව සදහන්.
කොල්ලකරුවන් දෙදෙනා මැය ජීවත් වූ නාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදී මරණ බවට තර්ජනය කරමින් මෙසේ දේපොළ කොල්ල කා ඇති අතර කොල්ල කෑ මුළු දේපොළ වටිනාකම රුපියල් 1,603,400ක් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් කාන්තාව රත්ගම පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සොයා රත්ගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්














































