ඊයේ (01) යාපනය , කන්කසන්තුරේ තිස්ස විහාරයේ වස් ආරාධනා පිංකම්වලට සහ බෞද්ධ විහාරයන් යාපනයේ දෙමළ භූමිය තුළ නොතිබිය යුතු බව පවසමින් දේශපාලන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කළ විරෝධතාවයට ප්‍රතිවිරෝධතාවයක් එල්ල කිරීමට අරුන් සිද්ධාර්ථ් මහතා කටයුතු කර තිබේ. අන්තර්ජාලය තුළ සැරිසරන ඔහුගේ විරෝධතාවය පහතින් සඳහන් වේ.
” ඊයේ දින 01 යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ වස් ආරාධනා පිංකමට හා බෞද්ධ විහාරයක් යාපනයේ දෙමළ භූමියේ නොතිබිය යුතු බව පවසමින් එක්තරා දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් සංවිධානය කල විරෝධතාවය මා විසින් ප්‍රථමයෙන් පිළිකුලෙන් යුතුව හෙළාදකිමි. “
” විශේෂයෙන්ම කිව යුත්තේ විහාරයේ ඉඩම් ගැටළුවක් ඇත්නම් ඒවා නීත්‍යානුකූලව විසදගන්නවා වෙනුවට මේ ආකාරයෙන් උතුරේ දමිළ බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස අමු අමුවේ උල්ල්ංඝනය කිරීම අප අනුමත නොකරන බවයි. මෙම විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල වකවනුවට අදාල ඓතිහාසික බෞද්ධ විහාරයක් වන අතර එය ඔප්පු කිරීමට සාක්ෂි අප සතුව ඇත.
” මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ පැවැත්වූ විහාරයට එරෙහි විරෝධතාවයකදී ගරු අධිකරණය විසින් කන්කසන්තුරය තිස්ස විහාරයේ ආගමික කටයුතු වලට බාධා නොකරන ලෙස නියෝග කොට තිබියදී මෙසේ අධිකරණ නියෝග කඩ කරමින් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. “
” මෙසේ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම මගින් දමිළ ජනතාව වෙත සිංහල ජනතාව ප්‍රචන්ඩත්වයක් මුදාහැරීම මේ අයගේ ඒකායන අපේක්ෂාවයි. එසේ ඩයස්පෝරාවේ බෙදුම්වාදී කොන්ත්‍රාත් ඉටුකිරීම උතුරේ යම් යම් දේශපාලන කල්ලිවල ආදායම් මාර්ගය වන බැවින් ඔවුන්ගේ අවශ්‍යතාව අප ඉටු කල යුතු නැත. අප කලයුතු වන්නේ උතුරේ දමිළ බෞද්ධයා බලගන්වා උතුරේ අධිපති කුලවාදී අන්තවාදී දේශපාලනය අතුගා දමා මාතෘ භූමියට ආදරය කරන ඒකීය රටක් පිළිගන්නා පාර්ශවයන්ට උතුරේ බලය ලබාගැනීමට සහය වීමයි. ”
” පසුගිය කාලය පුරා භාවිතාවෙන් අප රටටම පෙන්වා සිටි ආකාරයෙන් ඉදිරියේදීද උතුරේ ආගමික නිදහස වෙනුවෙනුත්, ජාතික සමගිය වෙනුවෙනුත්, ඒකීය රටක් වෙනුවෙනුත්, උතුරේ ජනතාව වෙනුවෙනුත් පෙනී සිට්න බව ඔබට තව දුරටත් ප්‍රකාශ කරමි.”













































