පිරමීඩ ජාවාරමේ නිරත වන පුද්ගලයින් එම ජාවාරම ජනප්‍රිය කිරීම සඳහා ආගමික උත්සව පවා සංවිධානය කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
සමාජ පිළිලයක් බවට පත්ව ඇති මෙම පිරමීඩ ජාවාරම මැඩලීම සඳහා පවතින නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නම් නීති යාවත්කාලීන කිරීම සිදු කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙවැනි ජාවාරම් තහනම් කිරීම හෝ ඒවාට දඩුවම් කිරීමට වඩා මෙම ජාවාරම් සම්බන්ධයෙන් සමාජය දැනුම්වත්කර ඒවාට හසු නොවී සිටින ලෙස මහජනයා දැනුවත් කළ යුතු බව ඔහු පවසයි.














































