English
සිංහල
04:38 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රක්වාන OlC ගේ පතල නිසා පාලමක් කැඩී යාමේ අවදානමක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    වර්තමාන රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අයහපත් අදක්ෂ පරිපාලනය හා දූෂිත ක්‍රියාකාරකම් හේතුවෙන් රක්වාන ප්‍රදේශය දිගින් දිගටම අපචාරවලින් ගහන ප්‍රදේශයක් බවට පරිවර්තනය වී තිබෙන බවට ප්‍රදේශවාසින් චෝදනා නගති.එම චෝදනා පිළිබඳව අප මීට පෙරද කරුණු කිහිපයක් වාර්තා කරන ලදි.

    ඒ අතර රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආධාර අනුබල ඇතිව පවත්වාගෙන යන පතලක් පිළිබඳව මීට පෙරද වීඩියෝ දර්ශන අප වෙබ් අඩවි හරහා පළ කරන ලදි.මේ වන විටත් එම පතලේ වැඩ ඉතා සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යන බව අපට වාර්තා වීමත් සමග ඒ පිළිබඳවද සොයා බැලීමක් සිදු කරන ලදි.

    එම සොයා බැලීමට අනුව අපට අනාවරණය වූයේ මෙම ස්ථානයේ පතල සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස රත්නපුර දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා මෙම ස්ථානාධිපතිවරයාට නියෝග නිකුත් කර තිබියදීත් දිගින් දිගටම මෙම පතලේ වැඩ කටයුතු සිදු වන බවයි.

    මේ පිළිබඳව පසුගියදා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ රත්නපුර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත එම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විමර්ශණයක් සිදු කර තිබේ.එම විමර්ශණයේදී අනාවරණය වී තිබෙන්නේ දිනපතා මෙම ස්ථානයේ පතල් කැනීම් සිදු කරන බවයි. එම පතලට ආසන්නයෙන් පිහිටා තිබෙන පාලම යටද මේ වන විට මෙම නීතිවිරෝධී පතල්කරුවන් පතල් හාරන බව සහකාර පොලිස් අධිකාරිවරයාගේ වාර්තාව මගින් පෙන්වා දී තිබෙන බව සබරගමුව පළාත් අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

    එසේම පසුගියදා මෙම පතල ආසන්නයේ වත්තක වැඩ කරන පුද්ගලයෙකුද පොලිස් ස්ථානාධිපති වරයා විසින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන එම පතලේ වැඩකරමින් සිටි බවට ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා තිබේ .එම නඩුව අප්‍රේල් මස 25 වෙනිදා නැවත කැදවීමට නියමිත බව රක්වාන ප්‍රදේශවාසින් අප වෙත වාර්තා කර තිබේ.

    රක්වාන ප්‍රදේශවාසින් අප වෙත සදහන් කර තිබෙන්නේ වත්තේ වැඩ කරන එම පුද්ගලයාගේ ඇගෙහි මඩ තැවරී තිබීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

    එසේම එම අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයා මීට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා සමග එක්ව මෙම පතලේ වැඩ කළ පුද්ගලයකු බවත් තවදුරටත් තහවුරු කර නොගත් වාර්තා මගින් පෙන්වා දෙයි.

    රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා යම් දේශපාලන හයියක් ගෙන මෙම ප්‍රදේශය විනාශ කරමින් පවතින බවට ප්‍රදේශවාසින් චෝදනා නගන අතර අප ද ඒ පිළිබඳව සොයා බැලූ අතර එහීදී අපට ද වාර්තා වූයේ මෙම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ උවමනාව මත මෙම පොලිසියට ස්ථානාධිපතිවරයා වශයෙන් පත්කර ඇති බවයි.

    මේ සියල්ලම මෙසේ සිදුවෙද්දී රත්නපුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මේවාට ආධාර අනුබල ලබා දෙමින් තමන්ගේ මැණික් ව්‍යාපාර කටයුතුද යහමින් සිදු කරමින් පවතින බවට රාවණා ලංකා අභ්‍යන්තර විමර්ශකයින්ට වාර්තා ලැබී තිබේ.

    වර්තමාන පොලිස්පතිවරයාගෙන් අපට අහන්නට ඇත්තේ දේශපාලන පත්වීම් දේශපාලන උවමනාවන් මත මෙසේ සිදු කරන ලද පත්වීම් නිසා ශ්‍රී ලංකාව විනාශ වන බව දැන දැනත් තවදුරටත් එයට ඉඩ ලබා දෙන්නේ ඇයිද යන්නයි.

    එසේම පොලිස්පතිවරයා විසින් කළ යුත්තේ මෙම පොලිස් ස්ථානාධිපතිවරුන් කාගේ උවමනාවක් මත පත් වුණේද යන්න පිළිබඳව සොයා බලා මහජනතාවට දැන ගැනීමට සැලැස්වීමයි.

    එසේම මෙම පාලම මතින් ගමන් කිරීමට ඇත්තේ ගම්මානයකටය.මෙම පාලම ගිලා බැස්සොත් මෙය ප්‍රතිසංස්කරණය කරන්නේ රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා රක්වානට ගෙනා දේශපාලඥයාගේ මුදලින් නොව පොලිස් ස්ථානාධිපතිවරයාටත් දේශපාලඥයාටත් සියලු පහසුකම් සලසා දෙන ජනතාවගේ බදු මුදලින් වීම විශේෂත්වයකි .

    එබැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.හැම විනාශයක්ම පිටුපස දේශපාලඥයෙකුත් එම දේශපාලඥයා විසින් පත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයෙකුත් සිටින බව රාවණා ලංකා රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම මේ වන විට සොයාගෙන තිබේ.

    අනිත් දිස්ත්‍රික්ක හා සමගාමිව ගත් කළ රත්නපුර දිස්ත්‍රික්කය විශාල දූෂණ,වංචා වැලක හිරව තිබෙන්නේ දේශපාලන අධිකාරියේ තිබෙන දූෂිත ක්‍රියා හේතුවෙනි.එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළද මේ තත්ත්වය ඉතා හොදින් දක්නට ලැබේ.

    අනෙකුත් දිස්ත්‍රික්කවල දේශපාලන ඇගිලි ගැසීම් නිසා මේ ආකාරයෙන් පරිසරය ,සමාජය හා වෙනත් අකටයුතුකම් අක්‍රමිකතා දක්නට නොලැබීමද විශේෂත්වයකි .එබැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉදිරියට යාමට නම් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත ලංකාව තුලම දේශපාලඥ අධිකාරිය සහ දූෂිත පොලිස් නිලධාරින් එකතුව සිදු කරන විනාශය පිළිබඳවද වෙන් වෙන් වශයෙන් සොයා ගැනීමට සිදුව තිබේ.

    රාජය්‍ය නිලධාරින්ගේ යාන්ත්‍රණය වෙනත් ආකාරයකින් දූෂණය වන විට දේශපාලනඥයින් හා පොලිස් නිලධාරින් අතර තිබෙන මනා සම්බන්ධතාවය මත මහජනතාවට මෙන්ම පරිසරයට සිදුවන හානිය පිළිබඳව ද වෙනම ම විමසා බැලිය යුතුය.

    එබැවින් පොලිස්පතිතුමනි, දේශපාලන අතකොලුවක් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් නිසා රත්නපුර දිස්ත්‍රික්කය තවදුරටත් විනාශ වීමට ඉඩ හරින්නේද? ඔවුන්ගේ අවශ්‍යතාව මත ස්වාධීනව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණ සිටින්නේ නම් ඔවුන් ආරක්ෂා කරමින් රත්නපුර දිස්ත්‍රික් මහ ජනතාවට අවශ්‍ය යුක්තිය ඉටු කරන්නේද යන්න පිළිබඳව ඔබගේ අවධානයට යොමු කළ යුතුව තිබේ .

    එසේම අපටද දිගින් දිගටම වාර්තා වන ආකාරයට දිගින් දිගටම රත්නපුර දිස්ත්‍රික්කය ශුද්ධ පවිත්‍ර කිරීම සදහා අකුරු කරන්නට සිදු වේවි .එබැවින් අනෙක් දිස්ත්‍රික්වලට සාපේක්ෂව අපට රත්නපුරෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය විශාල වශයෙන් වැඩිව තිබෙන බැවින් මේ පිළිබඳව ජනාධිපතිවරයා ,පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සියලු දෙනා දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

    එසේම ඒවාට වගකිවයුතු පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ සේවය කරති.ඒ පිළිබඳවද දිගින් දිගටම ලිවීමට සිදුවන බැවින් ඔවුන්ගේ නම් ගම් පවා අපට එළි කිරීමට සිදුවන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කර එම පොලිස් නිලධාරින්ගේද මතු ආරක්ෂාව උදෙසා රත්නපුර දිස්ත්‍රික්කය ශුද්ධ කිරීමට කාලය පැමිණ තිබේ.

    දිගින් දිගටම රක්වාන පොලිස් ස්ථානය තුළ සමාජ විරෝධී ක්‍රියා සිදුවන්නේ නම්,මේ ආකාරයෙන් පතලේ වැඩවත් නවතා දැමීමට පොලිස් ස්ථානාධිපතිට වුවමනාවක් නොවන්නේනම් ඔහු බැබළෙන්නේ කුමන දේශපාලන හයියක් මතද යන්න පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර වහාම ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුව තිබේ.

    එසේ නොමැති වුවහොත් අපට වාර්තා වන ආකාරයට නුදුරේදීම රක්වාන ප්‍රදේශයේ මහ ජනතාව ඔහුට එරෙහිව නැගී සිටීමට සූදානම්ව සිටී .එසේම ඔහු අදක්ෂ පොලිස් ස්ථානාධිපතිවරයෙක් බවට පැහැදිලිව මාධ්‍යවේදින් ලෙස මේ ආකාරයෙන් සටහන් තැබීමට සිදු වන අතර ඔහු එම ප්‍රදේශයට ගෙන ආ ප්‍රදේශයේ දේශපාලඥයා කවුද යන්න අප නුදුරේදීම එළි දක්වනු ඇත.

    එබැවින් නැවත නැවතත් රක්වාන ප්‍රදේශයෙන් ඔහුට එරෙහිව දුරකථන ඇමතුම් පැමිණෙනවට වඩා වටින්නේ ඔහු රාජය්‍ය නිලධාරියෙක් ලෙස පොලිස් නිලධාරියෙකුට එහා ගොස් ඔහු පුද්ගලයකු ලෙස ගත් විට ඔහුටද යම් හානියක් සිදු වන බැවින් ඉදිරියේදී ඔහුගේ ඡායාරූප සමග ඔහු කවුද යන්න එළිදැක්වීමට ඉඩ නොතබා ප්‍රදේශයේ මහජනතාවගේ යුක්තිය ඉටු කිරීමට කටයුතු කිරීම පොලිස්පතිවරයාගේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සියලු දෙනාගේම වගකීම ,යුතුකම හා රාජකාරිය වේ.

    එබැවින් අවධානයට යොමු කර ගත යුතුව තිබෙන්නේ මෙම පොලිස් ස්ථානාධිපතිවරයා නිසා ඔහුගේ ආධාර උපකාර ඇතිව ඔහු විසින් පවත්වාගෙන යන පතල තවදුරටත් සිදු කිරීම එම පතල නිසා පාලම ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබෙන බවයි.එම ගිලා බැසීම තුළින් ඉදිරියේ පවතින ගම්මානයට යාමට මිනිසුන්ට අපහසුතා ඇති වීමට ඉඩ තිබේ.

    තවදුරටත් රක්වාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තනතුරට සුදුසු පුද්ගලයකු ද නැද්ද යන වග නිගමනය කිරීමද පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

    මෙම පතලේ රූප රාමු බලා ගැනීමට පහත විඩියෝව නරඹන්න.

    Tags: ගවේෂණාත්මක පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version