මේ වසරේ ගතවූ මාස තුනහමාරක කාලසීමාව තුළදී අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සහ දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමෙන් පුද්ගලයින් 57 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
පසුගිය වසරේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති සංඛ්‍යාව 175ක් වන අතර තුවාල ලැබූවන් 276 කි.
මේ වසරේ ගත වූ කාල සිමාව තුළදී දුම්රිය අනතුරු 13ක් සිදුව ඇති අතර පසුගිය වසරේ දුම්රිය අනතුරු 94ක් සිදුව ඉන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලබා තිබේ.
දිවයිනේ දුම්රිය හරස් මාර්ගයන්හි සංඥා ක්‍රියාත්මකව තිබියදීත් බහුලව අනතුරු සිදුවන බවට අනාවරණය වේ.කෙසේ වෙතත් දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.