දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව අද (08) සවස 3 සිට හෙට (09) සවස 3 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බව සඳහන් .
ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ .
රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහතින්.
- ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල, කඩවත් සතර, ඉමදූව
- කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම
- මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස, හක්මන














































