අද සිට සුපිරි වෙළෙඳසැල්වල සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250කට අලෙවි කිරීමට කටයුතු කරන බවට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු එම සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා මේ බව සදහන් කර තිබේ.