විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එය මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.
මෙම තීරු බදු සහනය කාණ්ඩ 5ක් යටතේ ලබා දීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඩොලර් 2400 – 4799 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 600ක තීරු බදු සහනයක් ද , ඩොලර් 4800 – 7199 ක් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද , ඩොලර් 7200 – 11,999 ක් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද , ඩොලර් 12,000 – 23,999ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් ද හිමි වන බව වාර්තා වේ.














































