ඇමෙරිකාවෙන් ඉන්දියාවට සහනයක්.

ඉන්දියානුවන්ට ඇමෙරිකාවට පැමිණ සේවය කිරීමට සහ එහි පදිංචි වීමට ඇති බාධක ඉවත්කර එය පහසු කිරීමට බයිඩන් පාලනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇමෙරිකා සංචාරයට සාපේක්ෂව ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති අතර එමගින් සමහර ඉන්දීය සේවකයින්ට ස්ථීරව ඇමෙරිකාවේ පදිංචිවීමට අවස්ථාව හිමිවන බව සදහන්.

ඒ සම්බන්ධ නිවේදනය ඇමෙරිකානු දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාල නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version