කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.
ලංකාවේ වැවෙන කිරි අල ඇතුළු බෝග කිහිපයක් විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද මේ සඳහා ඩොලර් මිලියන 295ක් වැය කර ඇතැයි ද පාර්ලිමේන්තුවේදී කෙරුණු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම වාර්තාව ඉල්ලා ඇත.
එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව සොයා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ නියෝගයේ සඳහන්.














































