පාසලක වැසිකිළි පද්ධතිය සහ තාප්පයක් අතර සිරවී සිටි එම පාසලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් බේරා ගෙන තිබෙන බව වාර්තා වේ.
කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ 2 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස එම විදුහලේ වැසිකිළි පද්ධතිය සහ තාප්පය අතර සිරවී ඇති අතර ගිනිනිවන ඒකකය එහිදී උපකරණයක් යොදාගනිමින් තාප්පයට සහ වැසිකිළි පද්ධතියේ බිත්තියට තෙරපුමක් ලබාදී සිසුවිය බේරා ගෙන තිබේ .














































