ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය තව තවත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව එම සංගමයේ සභාපති සුමනසේන මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ නිවාස ආශ්‍රිතව හා පරිසරය තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි.














































