මෙරට තරුණ තරුණියන් අතර නවතම “ඊ සිගරැට්” වර්ගයේ ප්‍රබල ඇබ්බැහිකාරක ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම මණ්ඩලය පවසන්නේ එහි අඩංගු මත්කාරකය නිකොටින් බවත් , එය ප්‍රබල ඇබ්බැහිකාරකයක් වන බවත් ය.
දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශරීරයට වන හානිදායක තත්ත්වයන් මෙය භාවිතයෙන්ද විය හැකි බවත් , මෙහි විවිධ නිෂ්පාදන එක්සත් අරාබි එමිර් රාජ්‍යය නිෂ්පාදනය කරන බවත් , විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළෙන් මේ වන විට මිලදී ගත හැකි බවත් ඔවුන් සදහන් කර තිබේ .
එමෙන්ම මේ වන විට මෙරට තරුණ තරුණියන් අතර මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කරන අතර ඉන් පාසල් දරු දැරියන් ආරක්ෂා කරගැනීම මවුපියන්ගේ වගකීම බවද එම මණ්ඩලය අවධාරණය කර සිටී.














































