ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දැමීමත් සමඟ ඊට සාපේක්ෂව කොත්තු සහ රයිස් මිල ගණන් ද අද (05) සිට පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙලෙස අඩු කරන මුදල ජනතාවට දැනෙන ප්‍රමාණයක් විය යුතු බවත් , එලෙස අඩු කරන ප්‍රතිශතය ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.