පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල ප්‍රදේශයට ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටීමෙන් ගමනා ගමනය එක් මංතීරුවකට සීමා වී ඇති බව වාර්තා වේ .
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ කුඩා වාහන පමණක් යා හැකි වන පරිදි මාර්ගය සකස් කර ගත් බවයි.
නමුත් පොලීසිය රියදුරන් හට දැනුම් දෙන්නේ මාර්ගය යළි පිළිසකර කරන තෙක් ප්‍රමාණයෙන් විශාල වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.