වසර කිහිපයක් පුරා පවතින පත්‍ර පතන රෝගය හේතුවෙන් රබර් අස්වැන්න සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහි සභාපති මනෝජ් උඩුගම්පල මහතා සඳහන් කරන්නේ රබර් අස්වැන්න අඩු වුවහොත් මෙරට අවශ්‍යතාවය සඳහා රබර් කිරි ආනයනය කිරීමට සිදුවන බවයි.
අලුතින් රෝපණය කරන ලද රබර් ගසකින් වසර 03ක් ඇතුළත කිරි ලබා ගැනීමේ හැකියාව පැවතුනද මෙම රෝගය වැලඳීම නිසා අස්වැන්න ලබා ගැනිම සඳහා වසර හතක කාලයක් ගතවනු ඇති බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම රෝගී තත්ත්වය සුව කිරීම සඳහා රබර් පර්යේෂණ ආයතනය මේ වන විටත් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණි.
මේ වන විට වාර්ෂිකව දේශීය කර්මාන්ත සඳහා රබර් මෙට්‍රික්ටොන් 70,000 ක් නිෂ්පාදන කරන අතර මෙරට අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 150,000 කි.