English
සිංහල
02:01 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සබරගමුව පළාත් රාජ්‍ය නිලධාරීන් අධිකරණයට – සත්‍ය යටගසා දූෂිතයන් රකින මෙහෙයුමක්.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සබරගමුව පළාතේ රාජ්‍ය සේවයේ සමහර කොටස් දූෂණය වී තිබෙන අයුරු අප මීට පෙර ලිපිවලින් පෙන්වා දී තිබේ. ඉන් අධ්‍යාපනය දැඩි ලෙස දුෂණය වී තිබෙන බවටත් එයට හේතුවත් අප පෙන්වා දී තිබේ.

    එසේම සමහර පළාත් ප්‍රධානීන්ගේ වංචා දුෂණ මෙන්ම අක්‍රමිකතා කිහිපයක් අප පෙන්වා දී තිබෙන අතර අයතා ගණුදෙනු, මෙන්ම වංචනික ලෙස උපයා ගෙන තිබෙන දේපල ආදියද අප මේ වන විටත් සොයාගෙන තිබෙන අතර ඉදිරියේදී ඒවා ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

    එවන් වටපිටාවක් තුළ සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් , අධ්‍යාපන ලේකම් සහ තවත් අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනෙකු එකතුව, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රැකගැනීම සදහා විවිධ උපක්‍රම යොදන බවත් , ඒ වෙනුවෙන් මහජන කැළඹීම් ඇති කිරීමට සැලසුම් කරන බවත් අප දිගින් දිගටම වාර්තා කරන ලදී.

    මාධ්‍යවේදියාගේ වගකීම වන්නේ සමාජය ආරක්ෂා කිරීමයි. අප ඒවා විසදාගැනීම සදහා රජයට සහාය ලබා දීම උදෙසා සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් , ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන ලේකම්ට එනම් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව ඇඹිලිපිටිය පොලීසිය තුළ පැමිණිල්ලක්ද යොදා තිබේ.

    අප එය කරනු ලැබුවේ ගුරුවරුන්, දෙමාපියන්, ආදී සිසුන්ගේ මෙන්ම විදුහල්පතිවරයාගේ ද ආරක්ෂාව වෙනුවෙන් වුවත් බලධාරීන් සියල්ලෝම එකම පාපන්දුවේ කොටස් සේ බැව් අප පසුව වාර්තා කර තිබේ.

    ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපයන් එසේ නොවන නමුත් අප අපගේ මහජන මෙහෙවර ඉටුකරනුයේ සත්‍ය යැයි සම්මත කරගත හැකි තොරතුරු ඔස්සේ පමණි.

    නමුත් සැබෑ සත්‍ය පෙන්වා දී තිබියදීත්, ඒවා වළක්වා ගැනීම උදෙසා නීතියට අනුව කටයුතු කළ යුත්තේ රාජ්‍ය නිලධාරීන්ය. සබරගමුව පළාතේ මෙම රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන තත්ත්වයන්ද අප පෙන්වා දී තිබේ. ඒ අනුව මේ වන විටත් විදුහල්පතිවරයෙක් බේරාගැනීමට වඩා ඔවුන් කරනුයේ එම විදුහල්පති තව දුරටත් නාස්ති කිරීමත්, මහජනතාව අවුස්සා පවතින රජය සහ රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ යම් පිබිදීමක් තිබේ නම් එයද බින්දුවට දමා තමන්ගේ දේශපාලන නායකයන් ඉහලට ගැනීම සදහා පමණි.

    අප එයද ලියා තිබෙන අතර මහජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් පමණක් නොව අප ලියනා සියල්ලම පෙළගස්වනුයේ අධිකරණයට වුවත් යාමට හැකිවන ලෙසය. එසේම ප්‍රදේශයේ දේශපාලන අධිකාරියද මෙය නිසි ලෙස වටහාගෙන නැත. වටහා ගැනීමට හැකි අවස්ථා දෙකක් තිබේ. දුෂිත නොවන නමුත් බුද්ධිමත් දේශපාලන නායකයන්ට මෙය වටහාගැනීමට හැකි සියලුම අවස්ථා අප වාර්තා කර තිබේ.

    විදුහල්පතිවරයා අවශ්‍ය බවට පැවති රැස්වීමට 2200 ක් පමණ සිටින පාසලෙන් දෙමාපියන් 500 ක් පමණ සහභාගි වීමත්, එදින යෝජනා සාකච්ඡා වූ ආකාරයට අද (27) පළාත් සභාවට යාමට 4/1 වත් පැමිණ නොසිටීමයි.

    මේ සියලුම කටයුතු සිදුකරනා අතරතුර සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා , අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මෙම විදුහල්පතිවරයාට නිවස ළගටම ලබා දී තිබූ පළමු ස්ථාන මාරුව අවලංගු කර තිබේ. ඒ ඊයේ (26) ය. නැවත ස්ථාන මාරුවක් ඔහුට නැති නමුත් බලධාරීන්ගේ ඉලක්කය වන්නේ තවත් මාස තුනකින් පසු මෙම විදුහල්පතිවරයා ඇඹිලිපිටියේ පිහිටි රාජකීය විද්‍යාලය වෙත ස්ථාන මාරුකර හැරීමටය. එම විදුහලේ දෙමව්පියන් මෙන්ම ආදී සිසුන්ගේ සංගමයද මේ වන විටත් එයට ඒක හෙලාම විරෝධය පළකර තිබේ. (අප ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඒවා පටිගත කරගෙන තිබේ)

    අද (27)උදෑසන ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුලට දෙමව්පියන් 15 ස් දෙනෙක් පමණ පැමිණියේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා හමු වී විදුහල්පතිගේ ස්ථාන මාරුව අවලංගු කරගැනීම වෙනුවෙනි. බස් රථ 4 ක් ඒ වෙනුවෙන් කැදවා තිබුණු නමුත් දෙමාපියන්ගේ ප්‍රමාණය මදි වූ බැවින් එක්තරා දරුවෙකුගේ මාතාවක් දුරකථන ඇමතුම් දෙමින් දෙමාපියන් 100 කට ආසන්න ප්‍රමාණයක් කැදවාගෙන තිබුණි. ඒ අතරේ තවත් පිරිසක් විරෝධතා පුවරු සකස් කරන ලදී. එහි එක පුවරුවක මෙසේ සටහන් විය “ මහජන කැළඹීම් ඇතිකරන හොර කතෘට දඩුවම ලබා දෙනු” ලෙසය. මෙම උද්ඝෝෂණයට පැමිණි දෙමාපියන් ප්‍රමාණය 100 ක් පමණ වන නමුත් අනෙකුත් නොපැමිණි සියලුම දෙනාගේ ප්‍රමාණය 2100 ක් පමණ වේ. එහි ඡන්ද ප්‍රමාණය 5000 ක් පමණ වනු ඇත.

    තවද අපගේ වාර්තාවලට පිළිතුරු ලබා දෙන ලෙසත් අපගේ සියලුම පුවත් යටින් වෙනමම සටහනක් යොදා තිබේ. ඒවාටද පළාතේ කිසිදු බලධාරියෙකු පිළිතුරැ ලබා දී නැත. නීතිය නම් ඒවාට ප්‍රතිචාර දක්වා යම් වරදක් තිබේ නම් ඒවා නිවැරදි කරවාගෙන නැවත පළකර ගැනීමයි. එසේ නොකිරීම මත අප මෙම සියලුම දෙනාට ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ නඩු පවරන අතර ප්‍රාථමික අධිකරණ නඩුවිධාන සංග්‍රහයේ 25 (1) වගන්තිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පාලනාධිකාරිය විසින් දැනුම් දි තිබේ.

    ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්තුමා වෙත වාර්තා කිරීමටත්, මෙම දුෂිත ක්‍රියාවලියේ යෙදී සිටිමින් සත්‍ය වසන් කරමින් මහජනතාව කළඹමින් කටයුතු සිදුකල සියලුම දෙනාට එරෙහිව පෞද්ගලිකව අපරාධ නඩුපැවරීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටි. ඒ අනුව සබරගමුව පළාත් ප්‍රධාන ලේඛම්, අධ්‍යාපන ලේඛම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට සහ තවත් ගුරුවරුන් කිහිපදෙනකු, පාසල් සංවර්ධන සමිතියේ ලේඛම්වරයා ඇතුළු දෙමාපියන් 4 දෙනෙකු සහ ආදී සිසු සංගමයේ සාමාජිකයන් දෙදෙනකුටද මෙසේ අපරාද චෝදනා යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතී. කෙසේ නමුත් අප මුල සිට වාර්තකාල ආකාරයට කටයුතු සිදුවන්නේද? නැද්ද?, යන්න මත එය සිදුවන ලබන සතියේ අදාළ පැමිණිල්ල ඉදිරිපත්කරණු ඇත. එසේම මෙම නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කිරීමටද අප ආයතයක් ලෙස කටයුතු යොදා තිබේ.

    ඇඹිලිපිටියේ බුද්ධිමත් මිනිසුන්ට සහ සබරගමුව පළාත් දුෂිත රාජ්‍ය නිලධාරීන්ට සහ පුද්ගලයන්ට මාධ්‍යවේදීන්ගෙන් පණිවිඩයක් !

    1. සත්‍යය බොහෝ විට ඝෝෂාකාරී මුහුදක් යට වැළලී ඇත. එබැවින් එය මතුකිරීම මාධ්‍යවේදියාගේ වගකීම වේ. මාධ්‍ය ආයතනයේද වගකීම වේ. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට මෙන්ම මානවයාගේ පැවැත්ම සඳහා පුවත්පත් කලාව වැදගත් පමණක් නොව අත්‍යවශ්‍ය වේ. එය විද්‍යාත්මක ලියවිල්ලකි.
    2. අවට ලෝකය පිළිබදව නිවැරදි තොරතුරු සඳහා ප්‍රවේශයක් නොමැතිව සිතන බව ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙන් දක්නට තිබේ. එබැවින් ඔවුන් බොහේ දෙන නොමග ගොස් තිබේ. බලයේ සිටින අයගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සත්‍යය නිරන්තරයෙන් විකෘති කර හසුරුවන ලෝකයක අප ජිඉවත් වේ. මෙය ලොව පුරා බොහෝ මිනිසුන් සඳහා යථාර්ථය වන අතර එය එක්සත් ජනපදයේ ද වැඩි වැඩියෙන් පොදු වෙමින් පවතින යථාර්ථයකි.
    3. මාධ්‍යවේදියෙකු වශයෙන්, නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් සමාජයට කළ හැකි බලපෑම අප සියැසින් දැක තිබේ. දූෂණ හෙළිදරව් කිරීම සහ බලයේ සිටින අය වගවීම, හඬක් නැති අයට හඬක් දීම සහ වැදගත් සමාජ ප්‍රශ්නවලට ආලෝකය සැපයීම දක්වා, ජීවිතය වෙනස් කිරීමට සහ ඉතිහාසයේ ගමන් මග සකස් කිරීමට මාධ්‍යවේදියාට බලයක් තිබේ. නමුත් වර්තමාන ලෝකයේ මාධ්‍යකරණය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. සමාජ මාධ්‍යවල නැඟීම සහ සාම්ප්‍රදායික ප්‍රවෘත්ති අලෙවිසැල්වල පරිහානිය සමඟ, ප්‍රබන්ධ වලින් කරුණු වෙන් කිරීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී. එවන් පසුබික් තුල ඇඹිලිපිටියේ සිද්ධිය අප වාර්තා කර තිබෙන්නේ දියෙන් කිරි වෙන් කර දැලි පිහියෙන් කිරි කන්නා සේය.
    4. ජනමාධ්‍යවේදය යනු, ජන මාධ්‍ය හරහා ප්‍රවෘත්ති එක්රැස් කිරීම, සම්පාදනය කිරීම, ඉදිරිපත් කිරීම සහ බෙදා හැරීමේ ක්‍රියාවකි. රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රණ හෝ අන්තර්ජාලය කුමක් වුවත්, පුවත්පත් කලාවේ මූලධර්ම එලෙසම පවතී.
    5. ජනමාධ්‍ය රාජ්‍යයේ හතරවන කණුව ලෙස හැඳින්වීම නිවැරැදි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යක්‍ෂම ලෙස ක්‍රියා කිරීම සඳහා පොදුවේ මාධ්‍යයේ කාර්යභාරය සහ විශේෂයෙන්ම පුවත්පත් කලාවේ කාර්යභාරය ඉතා වැදගත් වේ.
    6. මාධ්‍යවේදියෙකුගේ ප්‍රධාන කාර්යය වන්නේ වර්තමාන සිදුවීම් වාර්තා කිරීමයි. එහෙත්, මාධ්‍යවේදියෙකු හුදෙක් රික්තකයක කථා ආවරණය නොකරන බව සඳහන් කළ යුතුය.
    7. සන්දර්භය නොමැති පුවත්පත් කලාව කිසිවෙකුට උදව් නොකරයි. එබැවින්, පුවත්පත් කලාවේ විශාල කොටසක් වැදගත් සිදුවීම් සන්දර්භගත කිරීමයි.
    8. එපමණක් නොව, මුර බල්ලෙකුගේ භූමිකාව ඉටු කිරීම, තොරතුරු සැපයීම, දැනුවත් කිරීම සහ විවාදය සඳහා න්‍යාය පත්‍ර සැකසීම ඇතුළුව පුවත්පත් කලාව සමාජයේ වෙනත් විවිධ කාර්යයන් ඉටු කරයි.
    9. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත්ම වෘත්තිය ජනමාධ්‍යවේදය බව අවිවාදිතය.
    10. රටක මාධ්‍ය නිදහසක් තිබුණත් නැතත් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස් කිරීමේ මිණුම් දණ්ඩක් ඉතිරිව ඇත්තේ එබැවිනි.
    11. මිනිසුන් වශයෙන් අපි මූලික අවශ්‍යතාවයක් බෙදා ගනිමු: තොරතුරු තිබීමේ අවශ්‍යතාවය. අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිටම තොරතුරු අවශ්‍යතාවය වෙනත් සතුන්ගෙන් අපව වෙන් කර ඇත.
    12. ආහාර දඩයම් කිරීම සඳහා ස්ථාන සොයා ගැනීම, ජලය බහුල ස්ථාන සහ විලෝපිකයන්ගෙන් ආරක්ෂාව, අපගේ පැවැත්ම සඳහා තොරතුරු අත්‍යවශ්‍ය වූ ක්‍රම වේ.
    13. නූතන යුගයේ දී, තොරතුරු සඳහා එම අවශ්යතාව පවතී, කෙසේ වෙතත්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ක්රම සහ අරමුණු විශාල වශයෙන් අපසරනය වේ.
    14. අප ජීවත් වන්නේ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට මාධ්‍යවේදීන් භාවිතා කරන එක් මාධ්‍යයකට මිලියන සිය ගණනක් නොව මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමේ හැකියාව ඇති ජන මාධ්‍ය යුගයක ය.
    15. එවිට මාධ්‍යවේදය යනු මේ තොරතුරු පිපාසයෙන් පෙළෙන ලෝකයට සේවය කිරීමේ මාර්ගයක් මිස අන් කිසිවක් නොවේ.
    16. පුවත්පත් කලාව නොමැතිව අපට ප්‍රවෘත්ති, කාලීන සිදුවීම්, කොටස් වෙළඳපල පිළිබඳ ප්‍රවෘත්ති, ව්‍යසන පිළිබඳ ප්‍රවෘත්ති සහ ජාත්‍යන්තර කටයුතු නොමැත.
    17. කතන්දර ලුහුබැඳීම, ප්‍රවෘත්ති සාදන්නන් සම්මුඛ සාකච්ඡා කිරීම, කරුණු සත්‍යාපනය කිරීම සහ කථා සන්දර්භගත කිරීම යන ක්‍රියාවලිය, පුවත්පත් කලාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සෑදී ඇත.
    18. දේශපාලන, ජාත්‍යන්තර කටයුතු, විද්‍යාව සහ තාක්‍ෂණය, හදිසි සහන ප්‍රයත්න, ආපදා කළමනාකරණය සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන කාර්යයන් යන ක්ෂේත්‍රවලට ප්‍රබෝධමත් මාධ්‍ය තිබීමෙන් සහතික වන ස්ථාවර තොරතුරු ප්‍රවාහයක් නොමැතිව පැවතිය නොහැක.

    එසේ නම්, මාධ්‍යකරණය සමාජය තුළ ඉටු කරන විවිධ භූමිකාවන් රාශියක් ඇත.

    1. මාධ්‍යවේදියා සමාජයේ මුර බල්ලෙකුගේ වැදගත් කාර්යය ඉටු කරයි; දූෂිතයන් සහ දුෂ්ටයන් ඔවුන්ගේ අඳුරු ක්‍රියාකාරකම් මත ආලෝකය විහිදුවමින් වගවීම මාධ්‍යවේදියාගේ මූලික කාර්යයකි.
    2. බොහෝ විට, මෙම අංග හෙළිදරව් කිරීමේදී, මාධ්‍යවේදීන් තම ජීවිත අවදානමට ලක් කරයි.
    3. මාධ්‍ය සමාජය තුළ ඉටු කරන තවත් කාර්යභාරයක් සමාජ වගකීම් න්‍යාය නම් සුප්‍රසිද්ධ මාධ්‍ය න්‍යාය මගින් පිළිගෙන ඇති අතර, එහි සඳහන් වන්නේ ජනමාධ්‍යවේදය හෝ මාධ්‍ය සාමාන්‍යයෙන් සඳහා බැඳීමක් ඇති බවයි.

    1950 ගණන්වල පුවත්පත් කලාව පිළිබඳ මහාචාර්යවරයකු වූ සීබර්ට් විසින් ඉදිරිපත් කරන ලද ඉහත නිර්වචනය හරහා, මාධ්‍යයේ තවත් අඩු ප්‍රසිද්ධ කාර්යයක් අපට දැනගත හැකිය, එය විශ්වාසදායක ප්‍රවෘත්ති සැපයීම පමණක් නොව, සමාජයේ වෙනත් විවිධ හඬවල් සඳහා අවස්ථා ලබා දීමයි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version