පසුගිය 06 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර හට හදිසියේ හටගත් පපුවේ අමාරු තත්ත්වයක් හේතුවෙන් සේනානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවාලීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින සචිත්‍ර සේනානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පසුගිය 06 වනදා භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුව අධිකරණය හමුවට එදිනම ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.














































