ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා ඊයේ (09) විපක්ෂ නායක කාර්‍යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වේ.
එහිදී මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කළ විපක්ෂ නායකවරයා මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව සඳහන්.
ආසියානු සංවර්ධන බැංකුව ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.













































