නීති විද්‍යාලයේ විභාග ගාස්තු වැඩිකිරීමෙන් බොහෝ සිසුන් අපහසුවට පත්වී ඇති බවත් , එලෙස විභාග ගාස්තු වැඩි කිරීමේ පදනම කුමක් ද යන්නත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විමසා සිටි බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පල කළ විපක්ෂ නායකවරයා ,
“නීති විද්‍යාලයට ඇතුළත් වීමේ විභාග ගාස්තුව ගැසට් පත්‍රය මඟින් ඉතා විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. 257%කින් මේක ඉහළ දාලා. ප්‍රවේශ විභාග ගාස්තුව 150%කින් වැඩි කරලා. සිසුන්ට දරා ගත නොහැකි තත්ත්වයක්. පළමු වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67,500ක්. එයාලා මේක දෙකට කඩලා 40,000ක් 27,500ක් විදියට ගෙවන්න ගිහින් 27,500ත් ගෙවන්න බැරුව ඒකත් දෙකට කඩලා ගෙවන්න කටයුතු කරලා තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. විභාග ගාස්තුව රු 2,500කින් වැඩිකරාම විෂයන් 8කට තවත් රු 20,000ක් වැඩි වෙනවා. ඇත්තටම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින් ද ? ගාස්තු වැඩිකළ යුතුනම් සිසුන් හට අසාධාරනයක් වෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා මේ වැඩිවීම අත්හිටුවලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවා ද කියලා නැවත කතා කරන්න.”














































