එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 10 – 12 පමණ වනවිට වෙළෙද පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බා සහල් පාලන මිලට ලංකා සතොස, සමූපකාර හා සුපිරි වෙළෙඳ සැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
උත්සව සමයේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සම්බා සහල් හිගයකින් තොරව ලබා දීම සම්බා සහල් ආනයනය කිරීමේ අරමුණ බවත් සම්බා සහල් ආනයනය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා කීය.
මේ වනවිට වෙළෙද පොළේ සම්බා සහල් හිගය තිබෙන බවත් ඇතැම් වෙළෙදුන් සම්බා සහල් සගවා ගෙන වැඩි මිලට අලෙවි කරන බවත් පාරිභෝගිකයෝ පවසති.
සම්බා සහල් කිලෝවක් අලෙවි කළ යුතු පාලන මිල රුපියල් 230 ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.














































