සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සදහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා සදහන් කළේ සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.














































