සමෘද්ධි සේවක ඊ.පී.එෆ්. රැකගැනීමේ මෙහෙයුම් කමිටුව එහි සේවකයන්ගේ ඊ.පී.එෆ්. රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (13) විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.
“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනු’, ‘ඊ.පී.එෆ්. කොල්ලය වහා නවතනු’ සහ සියලු සේවක උසස්වීම් හා බඳවාගැනීමේ පටිපාටිය වහා සකසනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව සදහන්.














































