සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව ගොණු කළ පැමිණිල්ලකට තවමත් සාධාරණයක් ඉටු නොවූ බවට පවසමින් ‘මගෙන් රටට’ සංවිධානය අද(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදු කළ බව වාර්තා වේ.
එහිදි එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත් අතර , එහිදි සංජීව මහවත්ත කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන්.














































