ලංකා සතොස මඟින් සහල් වර්ග තුනක මිල ගණන් අද (30) සිට අඩු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ද , සුදු නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 7 කින් ද , රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 2 කින් ද අඩු කර ඇති බව සඳහන් වේ.
ඒවායේ නව මිල ගණන් වශයෙන් සුදු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 165 , සුදු නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 168 , රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 135 ක් ලෙස ද වාර්තා වේ.