වාර්තා වන ආකාරයට Save The Children ආයතනය ප්‍රකාශ කරන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩක පමණ ළමුන්ට ආහාර ලබා දීම සීමා කිරීමට සිදුව ඇති බවත් මෙරට නිවාස 2,300 කට අධික ප්‍රමාණයකින් 27% ක වැඩිහිටියන් තම දරුවන් පෝෂණය කිරීම උදෙසා ආහාර ගැනීම මගහරින බවත් ය.එමෙන්ම මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.














































