අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මිලියන 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් , අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.