අස්වැසුම් ගිණුම් වලට මුදල් බැර කෙරේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මිලියන 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් , අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version