මොරටුව ප්‍රදේශයේ නිවසකට කඩා පැන තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බිය වද්දා ලක්ෂ 30ක මුදල් සහ රන් ආභරණ මෙන්ම විදේශ මුදල් කොල්ල කෑ බව කියන ‘රෝසා’ සහ ‘කිටි’ නමැති සැකකරුවන් දෙදෙනා අද(5) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 21500 සහ විදේශ මුදල්ද තිබී ඇති අතර ඒ පිළිබඳව සිදු කළ විමසීමේ දී ලක්ෂ 30ක කොල්ලය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මොරටුව පොලීසිය සඳහන් කරන්නේ ඉකුත් දිනක මොරටුව වේළුවනාරාම පාර නිවසකට කඩා වැදී සැකකරුවන් තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බියවද්දා මුදල් සහ රන් ආභරණ කොල්ල කෑ බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි .
මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ මොරටුව සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන පොලිස් සැරයන් 26099 නවරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 20108 ජයනාත් ,93499 දිල්ෂාන්, 7220 දිලංක, 99626 බණ්ඩාර, 98398 මධුසංඛ, 95400 සුසන්ත, 101590 මධුවන්ත, 101594 ජයනන්ද,102360 කපුවත්ත , 102405 පුෂ්පකුමාර කාන්තා පොලිස් කොස්තාපල් 13 167 නිසංසලා යන නිලධාරීහු සිදු කරන ලදී .














































