ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බවට පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඩීසල් මිල පසුගිය කාලයේ පහළ දැමූ විට ගාස්තු අඩු කිරීමට සිය සංගමය කටයුතු නොකිරීම හේතුවෙන් මේ අවස්ථාවේදී ඩීසල් මිල ඉහළ ගිය ද ගාස්තු ඉහළ නොදමන බව කී චන්ද්‍රසිරි මහතා මීට පෙර ගාස්තු අඩු කළ අයට මව්පියන් සමඟ සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමිය හැකි බව ද සඳහන් කර තිබේ.














































