ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ,උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වූ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවූ බවයි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.














































