ශ්‍රී ලංකාවට අද අලුයම ගෙන්වන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට කටයුතු කරන බව හා එසේ නිකුත් කිරීමට තවත් දින 3ක් පමණ ගතවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාප්‍රකාශ කර තිබේ.
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිලිබදව දැනුන් දී ඇත්තේ රෝහණ බණ්ඩාර මහතා විසින් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් බවයි වාර්තාවන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ වලින් අනතුරුව එම බිත්තර තොගය නිදහස් කර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඒ පිලි බදවා අදහස් දක්වමින්,
“බිත්තර ආනයනය කළ යුතු බවට කැබිනට් අනුකමිටුවක් හරහා එකමතිකව තීරණයක් ගත්තා. ඒ නිසා තමයි අපි කටු සහිත බිත්තර ආනයනය කළේ. අද වෙද්දී ඒ පළවෙනි බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් තුනක් මේ අය ඉල්ලනවා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුළ. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථාව දීලා තියෙනවා. මේ ආයතනය ලෝකේ තියෙන ඉහළම ප්‍රමිතීන් බලන හැම ආයතනයකටම බිත්තර සපයන ආයතන. ඒ සියලු සහතිකත් එක්ක තමයි අපි මේ බිත්තර ආනයනය කරලා තියෙන්නේ ඒ නිසා හෙට අනිද්දා වෙද්දී මේ බිත්තර ජනතාවට ලැබේවි.”














































