10 හැවිරිදි දියණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අත්අඩංගුවෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා කාත්තන්කුඩිය පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මෙම සැකකරු පසුගිය 24 වනදින මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් ගේ නිවස වෙත ගෙන ගොස් තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හට භාර දීමට ගිය අවස්ථාවේ දී මෙලෙස සැකකරු පලා ගිය බව සඳහන් වේ.