විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බවත් , ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවයි.
මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවත් , මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම නිසා විශාල තදබදයක් ඇතිවූ බවත් එම නිවේදයෙන් පෙන්වා දී තිබේ .
එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් , ගුවන් මගීන් හට විදේශගත වීමේදී සිදුවන අපහසුතාවයත් සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බවයි.














































