පුද්ගලයින් 2,977 දෙනෙකුට ජීවිතය අහිමි කරමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ වොෂින්ටන් නගරවලට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට (11) වසර 22 ක් සැපිරෙන බව වාර්තා වේ.
2001 වර්ෂයේ අද (11) වැනි දිනකදී අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 19 දෙනෙකු යොදාගනිමින් , ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානා 4 ක් එකවර පැහැර ගනිමින් මෙම ප්‍රහාරයන් එල්ල කරන ලදී.
අදාළා යානා දැවැන්ත මිසයිල ලෙස යොදාගනිමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථාන දිවිත්ව ගොඩනැගිල්ල මෙන්ම පෙන්ටගනය හෙවත් ඇමෙරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ලදී. පැහැර ගැනීමට ලක්වූ එක් ගුවන් යානයක් වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී තිබුණත් අදාළ යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටීමත් සමග ඔවුන්ගේ අරමුණ ව්‍යර්ථ වී ගියේය.















































