ඊයේ (30) දින රාත්‍රියේ රුසියානු ජාතික යුවළක් බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත වෑන් රථයකින් රැගෙන යමින් සිටිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී ලොරි රථයක පිටුපස වැදීමෙන් එහි සිටි විදෙස් යුවළ සහ වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
සිදු වූ අනතුරින් රියදුරුගේ සහ විදෙස් යුවළගේ පාදවලට බරපතල හානි සිදුව ඇති බව සඳහන්.අනතුරට ලක් වූ රියදුරු 25 හැවිරිදි අයෙක් වන අතර රුසියානු ජාතික යුවළ 55 හැවිරිදි සහ 59 හැවිරිදි වියේ පසුවන අය බව වාර්තා වේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය සැක පළ කරයි.