කාන්තාවන් දෙදෙනෙක් ව දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇමෙරිකාවේ ප්‍රකට නළුවෙක්ට වසර 30ක සිර දඬුවමක් නියමකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
That ’70s Show නම් ටෙලිවිෂන් කථාංග මාලාව හරහා ප්‍රසිද්ධියට පත් ඩැනී මාස්ටර්සන් නම් එම නළුවා මීට වසර කිහිපයකට පෙර අදාළ වරදවල් සිදුකර ඇති බවට අධිකරණයේදී අනාවරණය වී තිබෙන අතර මේ වනවිට 47 වැනි වියේ පසුවන මාස්ටර්සන් ට සමාව දී නිදහස් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ වසර 25කට පසුව බව සඳහන්.















































