විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජූලි 30 වැනිදා වන විට විශේෂඥ වෛද්‍යවරු 30ක් පමණ විශ්‍රාම ලබන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කරයි.
පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයට පිළියම් ලෙස දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට යොදා ගත හැකිද යන්න සොයා බලන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.














































