ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරේ දී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ .
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා මෙම ගිවිසුම් වලට අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.
ඒ අනුව දෙරට අතර මුහුද යටින් තෙල් නළ එළීම හා විදුලිය කේබල් එලීම , පුනර්ජනනීය බලශක්තිය , ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ දී සෘජුවම ඉන්දීය රජය මඟින් එය මිලදී ගැනීම , ත්‍රීකුණාමල ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීම සහ කිරි නිෂ්පාදය සම්බන්ධයෙන් මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිත බවත් , ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුරේදී ගිවිසුම් සදහා අත්සන් තැබීමට නියමිත බවත් වාර්තා වේ .
අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමු වී මේ බව තහවුරු කරගෙන තිබෙන බවත් , ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා විසින් ද සාගල රත්නායක මහතා දැනුවත් කර තිබේ.