විදුලි ගාස්තුව 20%කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
විදුලිබල මණ්ඩලය 2023 වසර සදහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වන විට පිළිගෙන ඇති බවත්,එම තක්සේරුව මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ 66% විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට ජනක රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































