තම බිරිඳගේ නැගණිය වන බාලවයස්කාර පාසල් සිසුවියක් ලැගුම්හලකට කැඳවාගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඊයේ (21) දහවල් කාලයේ හලාවත නගරයේ පවත්වාගෙන යන ලැගුම්හලකදී මෙම අපරාධය සිදුව ඇති බව සඳහන්.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ 11 වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකි.
මෙම සිසුවියගේ සහෝදරිය විවාහ වී හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර,ඇයගේ ස්වාමියා සමග සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් සිසුවිය මෙලෙස ලැගුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව සඳහන්.
අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ,සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































