වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුනොවීම කනගාටුවට කරුණක් බවට එම ඇතින්නගේ වත්මන් හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඔහු පවසන්නේ මේ වන විට ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බවයි.
“තුවාල පැසවලා දැන් තියෙන්නේ. වෛද්‍යවරු කිව්වා එහෙම වෙනඑක කමක් නෑ කියලා. මේ වෙද්දි කෑම පොඩ්ඩක් අඩුකිරීමක් තියෙනවා දවස් දෙකක් විතර. දැන් කෑම කනවා. නමුත් ඇතින්නගේ සෞඛ්‍ය මට්ටම එතරම් හොඳ මට්ටමක නෑ. නිතර නිතර වෙනස්කම් වෙනවා. බටහිර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් රජයෙන් තාම වගකිය යුතු දෙයක් කෙරුණේ නෑ. හරිම කනගාටුවට කරුණක්. වගකිව යුතු අය එහෙම කරද්දි අනිත් අය ගැන හිතා ගන්න පුළුවන් නේ. හැමෝම මෙයාට කෑම බීම ගෙනල්ලා සංග්‍රහ කරනවා. ඒ වගේම වගකිව යුතු අයගෙනුත් මෙයාට දෙයක් වුණානම් තමා හොඳ.”
මේ අතර සීතා ඇතින්නගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (25) පන්නිපිටිය පැලැන්වත්ත ඇත්ගාල වෙත පැමිණි බව සදහන්.