පදවිය මහසෙන්පුර දී පසුගිය මැයි මස 16 වැනි දා දෙදරු පියෙකු ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතූලු තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පදවිය පොලීසියේ කණ්ඩායමක් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග ඝාතනය සිදුකිරීම සදහා ගමන්ගත් යතුරු පැදිය හා ලගදීම එවැනිම අපරාදයක් සිදුකිරීම සදහා භාවිතයට ගැනීමට ගෙන ආ තවත් යතුරු පැදියක්ද සගවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.
පදවිය මහසෙන්පුර රතුගමගේ ශිරන්ත රසික විජේරත්න යන 38 හැවිරිදි දෙදරු පියා පසුගිය මැයි 16 දා “ටී 56” ස්වයංක්‍රීය ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව සදහන්.














































