අද (10) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදු කළ විමර්ශනයකින් රුපියල් කෝටි හයක් පමණ වීදි වටිනාකමකින් යුත් මත් කුඩු තොගයක් ළඟ තබා ගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙතෙක් කොස්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ වැඩිම වටිනාකමකින් යුතු මත් කුඩු තොගය මෙය බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
මත් කුඩු තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩි දුර පරීක්ෂණ සඳහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දීමට නියමිතව තිබේ.














































