ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරකට අනුව මදුරන්කුලිය තොඩුවාව මාර්ගයේ සිවිල් ඇදුමෙන් රැකවල්ලා සිටි පොලිස් නිළධාරින් විසින් මෙම බීඩි කොල රැගෙන ගිය ලොරි රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්මට්ට රැගෙන යන මුවාවෙන් මෙම බීඩි කොළ තොගය රැගෙන ගොස් ඇති අතර ලොරි රථයේ එළියට පෙනෙන ස්ථානයේ කපන ලද පොල්මට්ට උර පටවා තිබී ඇති අතර ඇතුලත පරීක්ෂා කිරීමේදී බීඩි කොළ ඇසරුම් කරන ලද පොහොර උර 78 තිබී ඇති බව වාර්තා වේ .














































