ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් සිටිය දී වවුනියාව නගරයේ දී සහ තේක්කවත්ත ප්‍රදේශයේ දී කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ට සමාජ රෝග වැළදී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇති බව වාර්තා වේ.
මෙම කාන්තාවන්ට ගොනොරියාව සහ හපිස් වැනි සමාජ රෝග පවතින බවත් , ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සිටී නම් කඩිනමින් වවුනියාව රෝහලේ HIV මර්දන ඒකකය වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙස වවුනියාව සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන්.














































