ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය 08 මස් වයසැති සිඟිත්තා මුදලට විකුණා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බව සඳහන් .
සිය පුතු නොමැතිව දුක් වෙනවා වෙනුවට විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත අසල්වැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී තිබෙන අතර ඉන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
දරුවාගේ පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් , මෙම යුවළගේ සිය 07 හැවිරිදි දියණිය ද විකිණිමට පියා මීට පෙර උත්සාහ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .















































