මත්පැන් සම්බන්ධයෙන් විශේෂ වැටලීමක් සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ,
“අපි වර්ෂයකට ඉස්සරවෙලා ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා. සුරා බෝතලයක් ගන්නකොට ඒකෙ ස්ටිකරයක් තියෙනවා. මේක සැබෑ නිවැරදි නිෂ්පාදනයක් කියලා ඒ ස්ටිකර් එකේ තියෙනවා. හැබැයි දැන් ඒ ස්ටිකර් වෙනුවට වෙනත් ස්ටිකර් ගහනවා කියලා දැන් ලොකූ ප්‍රශ්නයක් රටේ මතුවෙලා තියෙනවා. හැබැයි ඒ කරන අයට මම කියනවා. අපි මේ සුමානේ ඉඳලා දැවැන්ත වැඩපිළිවෙලක් ඒකට යොදනවා. රාජ්‍ය ආදායමත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ වැටිච්ච රටේ. ඒ නිසා කවුරුහරි ඒවා කරනවා නම් ප්‍රවේසම් වෙන්න. සියලුම ක්‍රමවේදයන් යොදලා ඒවා නවත්වන්න අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කරා.”














































