ඊයේ (16) අලුයම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් එක්ව බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.
එම මෙහෙයුමේ දී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු , හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි දෙදෙනෙකු ද වන අතර මොවුන් සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.