මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද (26) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බවත් , අද (26) සිට පෙරහැර අවසන් වන තෙක් එම ගමන්වාර ක්‍රියාත්මක බවත්දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවත් , ඒ සඳහා බස් රථ 350ක් පමණ ධාවනයට එක්කර ඇති බවත් ය.














































